සූරා 12 · ජුස් 13
Yusuf · 12:88
فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَا ۖ إِنَّ اللَّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ
ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි අහෝ උතුමාණනි, අප හා අපගේ පවුලට පීඩාව වැලඳී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමග පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණ ව ලබා දී තවද අප වෙත (තවත් කිහිපයක්) දන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත යැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
ඔවුන්ගේ පියාණන්ගේ නියෝගය ඔවුහු පිළිපැද්දාහ. යූසුෆ් හා ඔහුගේ සහෝදරයා සොයා පිටත් ව ගියහ. ඔවුහු යූසුෆ් වෙත ගිය කල්හි, ඔවුහු ඔහුට, "දිළිඳුකම හා දුෂ්කරතාව අපහට අත්විණ. නොවටිනා සුළු භාණ්ඩ ප්රමාණයක් ගෙන ආවෙමු. මීට පෙර අපට ඔබ කිරා දුන්නාක් මෙන් පූර්ණ ලෙස කිරා දෙනු. හැකිනම් ඊට වඩා අමතර දෙයකින් හෝ මෙම අල්ප භාණ්ඩ නොසළකා හැරීමෙන් අපහට දන් දෙනු. සැබැවින්ම අල්ලාහ් එසේ දන් දෙන්නන්හට යහපත් ප්රතිඵල පිරිනමනු ඇත."යැයි කීහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න