සූරා 12 · ජුස් 13

Yusuf · 12:85

قَالُوا تَاللَّهِ تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ

අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුර වන තෙක් හෝ විනාශ වී යන්නන් අතුරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

යූසුෆ්ගේ සහෝදරයෝ තම පියාණන්හට, "අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පියාණනි! ඔබ තවමත් දැඩි ලෙස රෝගාභාදයට ලක්වන තෙක් හෝ එම ක්රියාවෙන් ඔබ විනාශ වී යන තෙක්ම ඔබ යූසුෆ් ගැන මතක් කරමින් සිටින්නෙහිය. ඔහු ගැන වැලපෙන්නෙහිය." යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න