සූරා 12 · ජුස් 13
Yusuf · 12:84
وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا أَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ
තවද ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම යැයි පැවසීය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තේය.
තෆ්සීර්
ඔහු ඔවුන්ගෙන් හැරී දුරස් ව ගොස්, "යූසුෆ් මත පවතින මාගේ දුකෙහි දැඩිකම!" යැයි පැවසීය. ඔහු ගැන සිතා දැඩි ලෙස හඬා වැළපුණු හේතුවෙන් ඔහුගේ දෑස්හි කළු පැහැය සුදුමැලි වී තිබිණ. ඔහු දුකින් හා දොම්නසින් පිරී ගියේය. ඔහුගේ ශෝකය ඔහු මිනිසුන්ගෙන් සැඟවිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න