සූරා 12 · ජුස් 13

Yusuf · 12:83

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى اللَّهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ

නමුත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් අලංකාරවත් කළේය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී සියුම් ඥානය ඇත්තාය යැයි ඔහු(පියා) පැවසීය.

තෆ්සීර්

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "ඔහු සොරකම් කළා යැයි පවසන සිද්ධිය නුඹලා මෙනෙහි කළාක් මෙන් නැත. මීට පෙර ඔහුගේ සහෝදර යූසුෆ්ට කවර කුමන්ත්රණයක් නුඹලා සිදු කළෙහු ද එලෙසම මොහුටද නුඹලා කුමන්ත්රණ කරමින් නුඹලා විසින් නුඹලාටම විචිත්රවත් කර ගෙන ඇත. මාගේ දැක්ම අලංකාර ඉවසීමය. ඔහු විෂයයෙහි අල්ලාහ් වෙත හැර වෙනත් කිසිවෙකු වෙත පැමිණිල නොකරමි. යූසුෆ් සහ ඔහුගේ එක කුස උපන් සහෝදරයා මෙන්ම ඔවුන් දෙදෙනාගේ වැඩමහල් සහෝදරයා යන සියලු දෙනා නැවතත් අල්ලාහ් මා වෙත ලබා දෙනු ඇත. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ තත්ත්වය පිළිබඳ මැනවින් දන්නාය. මාගේ කරුණු සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය." යැයි පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න