සූරා 12 · ජුස් 13

Yusuf · 12:82

وَاسْأَلِ الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا وَالْعِيرَ الَّتِي أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَادِقُونَ

අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.

තෆ්සීර්

"අපගේ සත්යතාව තහවුරු කර ගැනීම සඳහා අපගේ පියාණනි! අප සිටි මිසර දේශයේ වැසියන්ගෙන් විමසනු. අප සමග පැමිණි වෙළඳ තවලමේ පිරිසගෙන් විමසනු. අපි කවර කරුණක් ඔබ වෙත දන්වා සිටියේ ද ඒ ගැන තොරතුරු ඔවුහු දන්වා සිටිනු ඇත. ඔහු සොරකම් කළ බවට අපි ඔබට දන්වා සිටි දෑහි සැබෑ ලෙසින්ම අපි සත්යවාදීහු වෙමු."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න