සූරා 12 · ජුස් 13

Yusuf · 12:81

ارْجِعُوا إِلَىٰ أَبِيكُمْ فَقُولُوا يَا أَبَانَا إِنَّ ابْنَكَ سَرَقَ وَمَا شَهِدْنَا إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ

නුඹලා නුඹලාගේ පියා වෙත ගොස් අපගේ පියාණනි, නියත වශයෙන්ම ඔබේ පුතා සොරකම් කළේය. අප දන්නා දෑ පිළිබඳ ව මිස (වෙනෙකක් පිළිබඳ) අපි සාක්ෂි නොදරන්නෙමු. තවද අපි (අපට නොපෙනෙන) ගුප්ත දෑ ආරක්ෂා කරන්නන් ලෙස නොසිටියෙමු යැයි නුඹලා පවසනු.

තෆ්සීර්

තවදුරටත් වැඩිමල් සහෝදරයා, "නුඹලා නුඹලාගේ පියාණන් වෙත නැවත ගොස් ඔහුට මෙසේ පවසනු. සැබැවින්ම ඔබේ පුතා සොරකම් කර ඇත. එබැවින් මිසර දේශයේ බලධාරියා ඔහුට දඬුවමක් වශයෙන් වහල්භාවයට පත් කර ගෙන ඇත. ඔහුගේ මල්ලෙන් එළියට ගත් මිනුම් භාජනය වෙනුවෙන් අපි සාක්ෂි දැරීමේදී අපි දන්නා තොරතුරු හැර වෙනත් කිසිවක් දන්වා නොසිටියෙමු. සැබැවින්ම ඔහු සොරකම් කරන බවට කිසිදු දැනුමක් අපට නොවීය. අපි එය දන්නේ නම් ඔහුව නැවත ගෙන එන බවට අපි ඔබට ප්රතිඥා නොදෙමු." යැයි පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න