සූරා 12 · ජුස් 13
Yusuf · 12:80
فَلَمَّا اسْتَيْأَسُوا مِنْهُ خَلَصُوا نَجِيًّا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوا أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُمْ مَوْثِقًا مِنَ اللَّهِ وَمِنْ قَبْلُ مَا فَرَّطْتُمْ فِي يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ الْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِي أَبِي أَوْ يَحْكُمَ اللَّهُ لِي ۖ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන් ව ගියෝය. නියත වශයෙන්ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නෙහුද? එහෙයින් මාගේ පියා මා හට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නොයමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය යැයි ඔවුන් අතුරින් වැඩිමලා පැවසුවේය.
තෆ්සීර්
ඔවුන්ගේ ඉල්ලීමට යූසුෆ්ගේ පිළිතුරෙන් ගැන සෑහීමට පත්නොවූ කල්හි, සාකච්ඡා කිරීම සඳහා මිනිසුන්ගෙන් වෙන් ව ගියෝය. ඔවුන් අතර සිටි වැඩිමලා, "නුඹලාට වැළැක්විය නොහැකි කරදරයක් නුඹලාට අත්වීමෙන් මිස තම පුතා ඔහු වෙත නුඹලා නැවත ගෙන එන බවට අල්ලාහ්ගෙන් ප්රතිඥාවක් සැබැවින්ම නුඹලාගේ පියා නුඹලා වෙතින් ලබා ඇති බව මම නුඹලාට මතක් කර දෙමි. මීට පෙරද යූසුෆ් විෂයයෙහි නුඹලා කටයුතු කර ඇත. නමුත් නුඹලාගේ පියාට කළ නුඹලාගේ ප්රතිඥා ව ඔහු විෂයෙහි සපුරාලීයේ නැත. මාගේ පියාණන් මට නැවත පැමිණීමට අවසර දෙන තෙක් හෝ මාගේ සහෝදරයාගේ හසුවීම සම්බන්ධයෙන් අල්ලාහ් තීරණයක් දෙන තෙක් මම මිසර දේශය අතහැර එන්නේ නැත. තීරකයන් අතර අල්ලාහ් ශ්රේෂ්ඨ තීරකයාය. ඔහු සාධාරණ ව හා නිවැරදි ව තීන්දු ලබා දෙන්නාය" යැයි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න