සූරා 12 · ජුස් 13

Yusuf · 12:79

قَالَ مَعَاذَ اللَّهِ أَنْ نَأْخُذَ إِلَّا مَنْ وَجَدْنَا مَتَاعَنَا عِنْدَهُ إِنَّا إِذًا لَظَالِمُونَ

අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර (වෙනත් කෙනෙකු) අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා එවිට අපි නියත වශයෙන්ම අපරාධකරුවන් වෙමු යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අපරාධකරුවකුගේ වැරද්දට නිර්දෝෂී පුද්ගලයකුට දඬුවම් දීමෙන් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! එහෙයින් රජුගේ මිනුම් භාජනය කවර මල්ලක තිබුණේ ද ඔහු ව මිස වෙනත් කිසිවකු අපි රඳවා නොගනිමු. සැබැවින්ම එසේ අපි සිදු කළේ නම් අපි නිර්දෝශී කෙනෙකුට දඬුවම් දී වැරදිකරුවකු අතහැර දැමීමෙන් අපරාධකරුවෝ වන්නෙමු යැ" යි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න