සූරා 12 · ජුස් 13
Yusuf · 12:78
قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ
අහෝ උතුමාණනි, මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතුරින් කෙනෙකු ගනු. නියත වශයෙන්ම අපි ඔබ ව දැහැමියන් අතුරින් කෙනෙකු ලෙස දකින්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ්ට, "අහෝ උතුමාණනි! මොහුට වඩාත් ප්රිය කරන වයස්ගත වයෝවෘද්ධ පියකු සිටියි. ඔහු වෙනුවට අප අතරින් කෙනෙකු රඳවා ගන්න. ඔබ අප සමග කටයුතු කිරීමේදී ද ඔබ වෙනත් අය සමග කටයුතු කිරීමේදී ද ඔබ යහපත් ලෙස කටයුතු කරන්නන් අතර කෙනෙකු බව සැබැවින්ම ඔබ ගැන අපි දැන සිටිමු. එහෙයින් මේ සම්බන්ධයෙන් අප වෙත යහපත් ලෙස කටයුතු කරන්නැ" යි පැවසුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න