සූරා 12 · ජුස් 13

Yusuf · 12:77

۞ قَالُوا إِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَهُ مِنْ قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنْتُمْ شَرٌّ مَكَانًا ۖ وَاللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ

ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නොවේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු පැවසුවෝය. නමුත් යූසුෆ් එය ඔවුනට හෙළි නොකර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේය. නුඹලා ස්ථානයෙන් නපුරුම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

යූසුෆ්ගේ සහෝදරයෝ, "ඔහු සොරකම් කර ඇත්නම් පුදුමයක් නොවේ. ඔහු සොරකම් කිරීමට පෙර ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද සොරකම් කර ඇත." යැයි පැවසූහ. ඔවුහු ඉන් අදහස් කළේ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාවය. නමුත් ඔවුන්ගේ මෙම ප්රකාශය යූසුෆ්ට වේදනා සහගත වුව ද එය ඔවුනට හෙළි නොකර සිත තුළ සඟවා ගත්තේය. ඔහුගේ මනසට ඔවුන් ගැන මෙසේ පවසා ගත්තේය. "නුඹලා කවර නපුරක් සිදු කරමින් හා ක්රෝධ වෙමින් සිටියෙහු ද එය නුඹලාට පෙර සිටම තිබිණ. විශේෂයෙන් මෙම ස්ථානයේ එය නපුරකි. නුඹලා ගැන හෙළි කරන්නට යන නුඹලා ගෙතූ දෑ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මැනවින් දන්නාය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න