සූරා 12 · ජුස් 13

Yusuf · 12:76

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاءِ أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِعَاءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ

තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදි වලින් (සොයන්නට) පටන් ගත්තේය. පසු ව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර ව, රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නොවීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත.

තෆ්සීර්

ඔවුන්ගේ මලු පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රජු වෙත රැගෙන ගියෝය. උපාය මාර්ගය සගවමින් තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කිරීමට පෙර ඔහුගේ සෙසු සහෝදරයින්ගේ මලු පරීක්ෂා කිරීමට ආරම්භ කළේය. පසුව තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කළේය. ඉන් රජුගේ මිනුම් භාජනය මතු විය. තම සහෝදරයාගේ මල්ලට මිනුම් භාජනය තබා සැලසුම් කිරීම තුළින් යූසුෆ්ට අපි සමීප වූවාක් මෙන්ම තවත් කරුණක් සම්බන්ධයෙන් ද අපි ඔහුට සමීප වූයෙමු. එනම් එම සොරා ව වහල්භාවයට ගනිමින් ඔවුන්ගේ නගරයේ දඬුවම අනුව ඔහුගේ සහෝදරයින් හසු කර ගැනීමයි. මෙම කරුණ සොරාට රජුගේ දඬුවම අනුව පහර දීම හා දඩ ගෙවීම ක්රියාත්මක කළ ද අල්ලාහ් තවත් සැලැස්මක් අභිමත කළේ නම් මිස එසේ සිදු නොවනු ඇත. ඔහු එයට බලය ඇත්තාය. යූසුෆ්ගේ නිලය අපි උසස් කළාක් මෙන්ම අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයගේ නිලය උසස් කරන්නෙමු. දැනුමැත්තන්ට වඩා ඉහළින් ඔහු දැනුමැත්තෙකි. සියලු මැවීම්හි දැනුමට වඩා සියලු දේ දන්නා අල්ලාහ්ගේ දැනුම ඉහළින් පවතී.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න