සූරා 12 · ජුස් 13
Yusuf · 12:63
فَلَمَّا رَجَعُوا إِلَىٰ أَبِيهِمْ قَالُوا يَا أَبَانَا مُنِعَ مِنَّا الْكَيْلُ فَأَرْسِلْ مَعَنَا أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُ لَحَافِظُونَ
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි අපගේ පියාණනි, (මින් ඉදිරියට) කිරා දීම අප වෙත වළක්වන ලදී. එබැවින් අප සමග අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
තෆ්සීර්
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත හැරී ගිය කල්හි, ඔවුන්හට යූසුෆ් කළ සංග්රහය පිළිබඳ ඔවුහු තොරතුරු දන්වා සිටියෝය. ඔවුහු, "අපගේ පියාණනි, අප සමග අපගේ සහෝදරයා කැටුව නොගියේ නම් අපට ආහාර කිරා දීම වළක්වනු ලැබේ. එහෙයින් අප සමග ඔහු එවනු. ඔබ ඔහු අප සමග එවන්නේ නම් අපි ආහාර භාණ්ඩ කිරාගෙන එන්නෙමු. නැවත ඔහු ඔබ වෙත සුරක්ෂිත ව ගෙන එන තෙක් අපි ඔහු රැකබලා ගන්නට ඔබට පොරොන්දු වෙමු" යැයි පැවසුහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න