සූරා 12 · ජුස් 13

Yusuf · 12:62

وَقَالَ لِفِتْيَانِهِ اجْعَلُوا بِضَاعَتَهُمْ فِي رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَا إِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ

ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලු වලම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කීය.

තෆ්සීර්

යූසුෆ් තම සේවකයින්ට මෙසේ පැවැසුවේය, "ඔවුන්ගේ භාණ්ඩ ඔවුන් වෙත නැවත දෙනු. ඔවුන් හැරී ගිය විට සැබැවින්ම අපි ඔවුනට කිසිවක් විකුණා නැතැයි ඔවුන් දැනගනු ඇත. මෙය දෙවැනි වරට ඔවුන් ඔවුන්ගේ සහෝදරයා සමග පැමිණීමට බල කළ අතරම, ඔවුන්ගේ සත්ය භාවය යූසුෆ්ට තහවූරු කරනු වස් හා ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගෙන් පිළිගනු වස් එසේ සිදු කරන ලදී.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න