සූරා 12 · ජුස් 13

Yusuf · 12:64

قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنْتُكُمْ عَلَىٰ أَخِيهِ مِنْ قَبْلُ ۖ فَاللَّهُ خَيْرٌ حَافِظًا ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ

මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලා ව මම විශ්වාස කළාක් මෙන් මිස මොහු කෙරෙහි ද නුඹලා ව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තයා ය.

තෆ්සීර්

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මොහුගේ එක කුස උපන් සහෝදර යූසුෆ් සම්බන්ධයෙන් මා නුඹලාව විශ්වාස කළාක් මෙන් මොහු සම්බන්ධයෙනුත් මා නුඹලා ව විශ්වාස කරන්න ද? ඔහු සම්බන්ධයෙන් මම නුඹලා විශ්වාස කළෙමි. නුඹලා ද ඔහු ආරක්ෂා කරන මෙන් මට පොරොන්දු වූයෙහුය. නමුත් නුඹලා කවර කරුණක් පොරොන්දු වූයෙහු ද එය නුඹලා ඉටු නොකළෙහුය. එබැවින් නුඹලා ආරක්ෂා කරන මෙන් පවසන නුඹලාගේ පොරොන්දුව ගැන මට කිසිදු විශ්වාසයක් නැත. මා විශ්වාස තබනුයේ අල්ලාහ් මත පමණය. තමන් ආරක්ෂා කරන්නට අභිමත කරන අයට රැකවරණය දෙන්නන් අතරින් ඔහු අති ශ්රේෂ්ඨය. එමෙන්ම තම කරුණා ව පිරිනමන්නට ඔහු අභිමත කරන අයට මහා කාරුණිකය."යි පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න