සූරා 12 · ජුස් 13
Yusuf · 12:59
وَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ قَالَ ائْتُونِي بِأَخٍ لَكُمْ مِنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّي أُوفِي الْكَيْلَ وَأَنَا خَيْرُ الْمُنْزِلِينَ
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන්ම මම කිරුම පූර්ණ ව දෙන බවත් සත්කාරයින් අතුරින් මම ශ්රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නොවේ දැයි පවසා සිටීය.
තෆ්සීර්
ඔවුන් ඉල්ලා සිටි පරිදි ඔවුනට අවශ්ය ආහාර හා ඊට අමතර දෑ ද ඔහු ඔවුනට පිරිනැමූ කල්හි, තම පියාණන්ගෙන් වූ තවත් සහෝදරයෙක් සිටින බවත් ඔහු ව තම පියාණන් ළඟ තබා පැමිණි බවත් දන්වා සිටීමෙන් පසු ඔහු,"ඔබලාගේ පියාණන් ගෙන් වූ ඔබලාගේ සහෝදරයා ව මා වෙත ගෙන එන්න. මා ඔටුවෙක් බරට අධිකව නුඹලාට වස්තුව ලබා දෙන්නම්. කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස මා මැන දෙනු නුඹලා නොදුටුවෙහු ද? ආගන්තුකයින්ට සත්කාර කරන්නන් අතරින් මා විශිෂ්ඨයෙකු වෙමි." යැයි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න