සූරා 12 · ජුස් 13
Yusuf · 12:58
وَجَاءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُ مُنْكِرُونَ
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ඇතුළු වූහ. එවිට ඔවුන් ඔහු ව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු ඔවුන් ව හඳුනා ගත්තේය.
තෆ්සීර්
යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුන් සතු භාණ්ඩ රැගෙන මිසර දේශය වෙත පැමිණ එහි ගොඩ බැස්සෝය. එවිට නියත වශයෙන්ම ඔවුන් තම සහෝදරයින් බව ඔහු දැනගත් නමුත් දිගු කලක් ගත වූ බැවින් හා ඔහුගේ හැඩරුව වෙනස් වී ඇති බැවින් ඔහු තම සහෝදරයා බව ඔවුන් දැන ගත්තේ නැත. එමෙන්ම ඔවුහු ඔහු ළිඳට හෙළන විට කුඩා දරුවකු වූ බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න