සූරා 12 · ජුස් 13
Yusuf · 12:56
وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَاءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَنْ نَشَاءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. තවද අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. දැහැමියන්ගේ ප්රතිඵල අපි නිෂ්ඵල නොකරන්නෙමු.
තෆ්සීර්
සිරගෙයින් නිදහස හා නිර්දෝෂීභාවය අපි යූසුෆ් වෙත පිරිනැමුවාක් මෙන්ම මිසර දේශයේ තමන් අභිමත කරන කවර තැනකට හෝ ගොඩවීමටත් එහි පදිංචි වීමටත් අපි ඔහුට ඉඩකඩ සලසා දුනිමු. අපගේ ගැත්තන් අතරින් අපි අභිමත කරන්නන් හට මෙලොවෙහිම අපගේ ආශිර්වාදයෙන් අපි පිරිනමන්නෙමු. දැහැමියන්ගේ තිළිණ අපි අහිමි නොකරන්නෙමු. ඒවා කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස ඔවුනට පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න