සූරා 12 · ජුස් 13

Yusuf · 12:54

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ أَسْتَخْلِصْهُ لِنَفْسِي ۖ فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ

මාගේ විශේෂ කෙනෙකු ලෙස මා ඔහු ව පත් කර ගැනීමට මා වෙතට ඔහු ව ගෙන එනු යැයි රජු පැවසුවේය. (ඔහු පැමිණි විට) නියත වශයෙන්ම ඔබ අද දින අප අතර විශ්වාසනීයත්වයක් ඇති කෙනෙකි යැයි (රජු) පැවසුවේය.

තෆ්සීර්

යූසුෆ්ගේ නිර්දෝෂීභාවය පැහැදිලි වී ඔහු ගැන දැනගත් කල්හි රජු තම සේවකයින් අමතා, "මට අවංක කෙනෙකු ලෙස මා ඔහු පත් කරනු වස් ඔහු මා වෙත රැගෙන එන්නැ"යි පැවසීය. එතුමා සමග කතා කළ කල්හි: එතුමාගේ බුද්ධිය හා දැනුම පිළිබඳ ඔහුට වැටහිණි. පසුව ඔහු එතුමාට, "අහෝ යූසුෆ්! සැබැවින්ම අද අප ඉදිරියේ ඔබට තත්ත්වයක් ඇත. එමෙන්ම විශ්වාස කරනු ලැබූ අයෙකු බවට ද පත් ව ඇත." යැයි පැවසිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න