සූරා 12 · ජුස් 13
Yusuf · 12:53
۞ وَمَا أُبَرِّئُ نَفْسِي ۚ إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي ۚ إِنَّ رَبِّي غَفُورٌ رَحِيمٌ
මා ගැන මම නිර්දෝෂි යැයි නොපවසමි. ආත්මය පවට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවාය.)
තෆ්සීර්
අසීස්ගේ බිරිය තවදුරටත් ඇයගේ ප්රකාශයේ, "නපුර අපේක්ෂා කිරීම සම්බන්ධ ව මම මා ගැන පිවිතුරු යැයි නොකියමි. එමගින් මාගේ ආත්මය පිවිතුරු කිරීමට ද අපේක්ෂා නොකරමි. ඊට හේතුව මිනිස් සිත් ඒවා ආශා කරන දෑ හා ඉසිලිය නොහැකි දුෂ්කරතා වෙත අධික ලෙස නැඹුරු වෙති. නමුත් අල්ලාහ් ආශිර්වාද කළ ආත්මාවන් හැර. ඔහු ඒවා නපුරු කටයුතුවලින් ආරක්ෂා කරයි. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් පාපක්ෂමාව අයැද සිටින්නාට සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය." පැවසුවාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න