සූරා 12 · ජුස් 12

Yusuf · 12:47

قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدْتُمْ فَذَرُوهُ فِي سُنْبُلِهِ إِلَّا قَلِيلًا مِمَّا تَأْكُلُونَ

අවුරුදු හතක් දිගටම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දෑ නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළම තිබෙන්නට හරිනු.

තෆ්සීර්

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා එම සිහිනයට කරුණු දක්වමින්, "අඛණ්ඩ උත්සහයකින් වසර සතක් පුරාවටම නුඹලා ගොවිතැන් කරනු ඇත. මෙම වසර හත පුරාවටම වසරක් පාසා නෙළා ගන්නා අස්වැනු ආහාරය සඳහා අවශ්යවන ධාන්ය ස්වල්පයක් හැර ධාන්ය ක්ෂය වීමෙන් වැළැක්වීම සඳහා ඒවා එම කරල් සමගම තිබෙන්නට හරින්න." යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න