සූරා 12 · ජුස් 12

Yusuf · 12:46

يُوسُفُ أَيُّهَا الصِّدِّيقُ أَفْتِنَا فِي سَبْعِ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ لَعَلِّي أَرْجِعُ إِلَى النَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ

අහෝ සත්‍යවාදී යූසුෆ්, පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකු ව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.

තෆ්සීර්

එසේ ජයගත් තැනැත්තා යූසුෆ් වෙත ගොස්, "අහෝ මාගේ මිතුර යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු ද වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු උන් කා දැමීම ද සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද සිහිනෙන් දුටු අයගේ සිහින පලාපල කෙසේ විය හැකි දැයි මා හට දන්වන්න. මම රජු හා ඔහු අසළ සිටින්නන් වෙත හැරීගොස් රජුගේ සිහිනයේ යථාර්ථය ඔවුන් වෙත දැනගන්නට සැලැස්වීමෙන් ඔබේ මහිමය හා ඔබේ නිලය පිළිබඳ ඔවුන් දැනගන්නට හැකි වනු ඇතැ" යි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න