සූරා 12 · ජුස් 12

Yusuf · 12:45

وَقَالَ الَّذِي نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا أُنَبِّئُكُمْ بِتَأْوِيلِهِ فَأَرْسِلُونِ

ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අය ටික කලකට පසු ව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී එහි අර්ථය පිළිබඳ ව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු යැයි කීය.

තෆ්සීර්

සිරගත ගැටවරයින් දෙදෙනාගෙන් ජය ලැබූ මත් පැන් පෙරන්නාට දිගු කලකට පසුව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් ගැනත් එතුමා හීනවල යථාර්තය පැවසීමේ දැනුම ඇති බවත් මතක් වී මෙසේ පැවසීය. "රජු දුටු හීනය ගැන හීනවලට පලාපල කීමට දැනුමැති අයගෙන් විමසා ඒ ගැන තොරතුරු මම නුඹලාට දන්වා සිටින්නම්. අහෝ රජතුමනි! ඔබේ සිහිනයට කරුණු දැන ගැනීම සඳහා යූසුෆ් වෙත මා එවනු මැනව!" යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න