සූරා 12 · ජුස් 12

Yusuf · 12:48

ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَٰلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِمَّا تُحْصِنُونَ

ඉන් පසු ව දරුණු (සාගතයෙන් සපිරි වූ වසර) හතක් පැමිණෙයි. නුඹලා ඒ සඳහා (ධාන්‍ය අතුරින්) පෙර සූදානම් කළ දෑ අනුභව කරනු ඇත. නමුත් නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස.

තෆ්සීර්

"නුඹලා වගා කල මෙම සෞභාග්යමත් වසර හතෙන් පසු නියඟය සහිත වියළි වසර හතක් පැමිණෙනු ඇත. සාරවත් වසරවල නෙළා ගත් දැයින් එම කාලවල ජනයා අනුභව කරනු ඇත. නමුත් වැපිරීම සඳහා ස්වල්පයක් නුඹලා ආරක්ෂා කර ගත යුතු වේ."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න