සූරා 12 · ජුස් 12

Yusuf · 12:43

وَقَالَ الْمَلِكُ إِنِّي أَرَىٰ سَبْعَ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ ۖ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي رُؤْيَايَ إِنْ كُنْتُمْ لِلرُّؤْيَا تَعْبُرُونَ

තවද ‘සැබැවින්ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද මම දකිමි. අහෝ ප්‍රධානියිනි, නුඹලා සිහින වලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳ ව මා හට විස්තර කරනුයි රජු පැවසුවේය.

තෆ්සීර්

රජු, "සැබැවින්ම මම සිහිනෙන් පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු දුටුවෙමි. වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු විසින් උන් කා දමමින් සිටියේය. එමෙන්ම සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද දුටුවෙමි. අහෝ නායකයිනි! ප්රභූවරුනි! සිහින වලට පලාපල කීමේ දැනුමැත්තන් ලෙස නුඹලා සිටින්නෙහු නම් මේ මාගේ සිහිනයේ යථාර්ථය පිළිබඳ තොරතුරු මා හට දන්වනු" යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න