සූරා 12 · ජුස් 12
Yusuf · 12:42
وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنِي عِنْدَ رَبِّكَ فَأَنْسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ
ඔවුන් දෙදෙනාගෙන් සැබැවින්ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. නමුත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේය.
තෆ්සීර්
සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර ජය ලබන බව අනුමාන කළ තැනැත්තාට - ඔහු රජුට මද්යසාර සපයන්නාය- යූසුෆ් මෙසේ කීය, "මාගේ කාරණාව හා මාගේ කතා ව රජු අබියස මෙනෙහි කරනු. ඔහු මා සිරගෙයින් බැහැර කරන්නට පුළුවන." නමුත් යූසුෆ් ගැන රජු ඉදිරියේ මෙනෙහි කිරීමට මත්පැන් පෙරන්නාට ෂෙයිතාන් අමතක කළේය. ඉන් පසුව ද යූසුෆ් වසර ගණනාවක් සිරගෙහි රුඳී සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න