සූරා 12 · ජුස් 12

Yusuf · 12:41

يَا صَاحِبَيِ السِّجْنِ أَمَّا أَحَدُكُمَا فَيَسْقِي رَبَّهُ خَمْرًا ۖ وَأَمَّا الْآخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ الطَّيْرُ مِنْ رَأْسِهِ ۚ قُضِيَ الْأَمْرُ الَّذِي فِيهِ تَسْتَفْتِيَانِ

අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂියා අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබීය.

තෆ්සීර්

‘අහෝ සිරගත මාගේ මිතුරන් දෙදෙන! තමන් අතර මද්යසාර බවට පත් වන තෙක් මිදි පෙරන බවට සිහින දුටු අය වනාහි, සැබැවින් ඔහු සිරගෙයින් නිදහස් වන අතර ඔහුගේ එම රැකියාව වෙත ඔහු නැවත යොමු වෙයි. රජුටත් පානය කිරීමට පෙරා දෙයි. නමුත් තම හිසට ඉහළින් රොටියක් ඔසවාගෙන යන විට පක්ෂීන් එයින් අනුභව කිරීම සිහිනෙන් දුටු අය වනාහි සැබැවින්ම ඔහු ඝාතනය කරනු ලැබ කුරුසියේ දමා ඇණ ගසනු ලබයි. ඔහුගේ හිසේ ඇති මාංශ පක්ෂීන් විසින් කා දමති. සිහිනය සඳහා පලාපළ කියන මෙන් නුඹලා දෙදෙනා ඉල්ලා සිටි විෂය අවසන් විය. එය පූර්ණ විය. කිසිදු සැකයකින් තොර ව එය සිදුවන්නෙකි.’ යැයි යූසුෆ් පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න