සූරා 12 · ජුස් 12

Yusuf · 12:4

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبَتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ

‘මාගේ පියතුමනි, නියත වශයෙන්ම මම ග්‍රහ තාරකා එකොළහක් ද හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් මම දුටුවෙමි’ යැයි යූසුෆ් තම පියාණන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

තෆ්සීර්

අහෝ දූතය! යූසුෆ් තුමා තම පියාණන් යඃකූබ් සමග කතා කළ අවස්ථාව අපි නුඹට මෙසේ පවසමු. “මාගේ පියාණනි! සැබැවින්ම මා සිහිනෙන් ග්රහ තාරකා එකොළහක් දුටුවෙමි. එමෙන්ම හිරු හා සඳු ද දුටුවෙමි. ඒ සෑම එකක්ම මට හිස නමනු ද දුටුවෙමි." මෙය යූසුෆ් අලයිහිස් සලාම් තුමාට කල් ඇතිව දැනුම් දුන් සුබ පණිවිඩයක හීනයක් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න