සූරා 12 · ජුස් 12
Yusuf · 12:38
وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَا أَنْ نُشْرِكَ بِاللَّهِ مِنْ شَيْءٍ ۚ ذَٰلِكَ مِنْ فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්යය අතුරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් කෘතවේදී නොවෙති.
තෆ්සීර්
මම මාගේ මුතුන්මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ දහම් පිළිවෙත අනුගමනය කළෙමි. එය අල්ලාහ්ගේ ඒකීයත්වයේ දහම් පිළිවෙතයි. අල්ලාහ්ට වෙනත් කෙනෙකු ආදේශ කිරීම අපට සුදුසු නැත. ඔහු ඒකීයත්වය පදනම් කරගත් ඛේවලය. මා හා මාගේ මුතුන් මිත්තන් සිටි තව්හීද් හෙවත් ඒකීයත්වය හා ඊමාන් හෙවත් දේව විශ්වාසය වනාහි අප වෙත පිරිනමන ලද අල්ලාහ්ගෙන් වූ භාග්යකි. අපි එය ආශිර්වාදයක් ලෙස ගනිමු. එමෙන්ම එය, ඒ සමගම නබිවරුන් එවීමෙන් සමස්ත ජනයා වෙත පිරිනැමූ ඔහුගෙන් වූ භාග්යකි. නමුත් ජනයා අතරින් බොහෝ දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කතඥපූර්වක නොවෙති. ඔවුහු ඔහුට ගුණමකු වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න