සූරා 12 · ජුස් 12
Yusuf · 12:37
قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَنْ يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي ۚ إِنِّي تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ
නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි යැයි ඔහු පැවසුවේය. එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති.
තෆ්සීර්
යූසුෆ් තුමා, "රජුගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් නුඹලා වෙත පැමිණිය යුතු ආහාර නුඹලා වෙත නොපැමිණෙන නමුත් නුඹලා දෙදෙනා වෙත ඒවා පැමිණීමට පෙර එහි යථාර්ථය හා එහි ආකාරය පිළිබඳ මම නුඹලා දෙදෙනාට විස්තර කරමි. මා දැනගෙන නුඹලා දෙදෙනාට දැනුම් දුන් යථාර්ථයන් මාගේ පරමාධිපති මට ඉගැන්වූ මිස හූනියම්කරුවන්ගෙන් හෝ තාරකා සාස්ත්ර පවසන්නන්ගෙන් නොවේ. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත සැබැවින්ම මම අත හැරියෙමි. ඔවුන් පරමාන්ත දිනය පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න