සූරා 12 · ජුස් 12

Yusuf · 12:36

وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَا إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا ۖ وَقَالَ الْآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تَأْكُلُ الطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ

තවද ඔහු සමග සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සැබැවින්ම මම මත්පැන් පෙරනු බව මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. තවද අනෙකා සැබැවින්ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින්ම අපි ඔබ ව දැහැමියන් අතුරින් දකිමු (යැයි තවදුරටත් පවසා සිටියහ.)

තෆ්සීර්

පසුව ඔවුහු ඔහු ව සිරගත කළෝය. ඔහු සමග තවත් ගැටවරයන් දෙදෙනෙකු සිරගෙයට පිවිසුණහ. එම ගැටවරයින් දෙදෙනාගෙන් එක් අයකු යූසුෆ්ට: ‘සැබැවින්ම මම මිදි පෙරා මත්ද්රව්ය නිශ්පාදනය කරන සිහිනයක් දුටිමි’ යැයි පැවසුවේය. දෙවැන්නා: ‘සැබැවින්ම මම මාගේ හිසට ඉහළින් රොටියක් උසුලාගෙන යමින් සිටිය දී එය පක්ෂීන් විසින් අනුභව කරන සිහිනයක් දුටිමි යැයි පැවසීය. අපි දුටු සිහිනයන් පිළිබඳ විස්තර අපට දන්වා සිටිනු. සැබැවින්ම නුඹ දැහැමියන් අතර සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න