සූරා 12 · ජුස් 12
Yusuf · 12:35
ثُمَّ بَدَا لَهُمْ مِنْ بَعْدِ مَا رَأَوُا الْآيَاتِ لَيَسْجُنُنَّهُ حَتَّىٰ حِينٍ
අනතුරු ව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසු ව මද කලකට ඔහු ව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.
තෆ්සීර්
අනතුරුව එතුමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන සාක්ෂි හා සාධක අසීස් හා ඔහුගේ පිරිස දුටුව ද - ඔවුනට අත්වන අපකීර්තිය හෙළි නොවන පරිදි - නියම නොකළ කාලයක් දක්වා ඔහු ව සිරගත කිරීම ඔවුහු අදහස් කළෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න