සූරා 12 · ජුස් 12
Yusuf · 12:33
قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّي كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُنْ مِنَ الْجَاهِلِينَ
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්රිය මනාපය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නොහරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපති වෙත ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! කවර අශිලාචාර ක්රියාවකට ඔවුන් ඇරයුම් කර සිටින්නේ ද එයට වඩා ඔවුන් මට තර්ජනය කරන සිරගෙය මට ප්රිය මනාපය. ඔවුන්ගේ කුමන්ත්රණයෙන් නුඹ මා බැහැර නොකළේ නම් මා ඔවුන් වෙත නැඹුරුවන්නට සිදු වනු ඇත. එසේ මා ඔවුන් වෙත නැඹුරු වී ඔවුන් පතන දෑට මා ඔවුනට යටත් වූයේ නම් මා අඥානයින් අතරට පත් වෙමි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න