සූරා 12 · ජුස් 12

Yusuf · 12:32

قَالَتْ فَذَٰلِكُنَّ الَّذِي لُمْتُنَّنِي فِيهِ ۖ وَلَقَدْ رَاوَدْتُهُ عَنْ نَفْسِهِ فَاسْتَعْصَمَ ۖ وَلَئِنْ لَمْ يَفْعَلْ مَا آمُرُهُ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِنَ الصَّاغِرِينَ

නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහුද එයයි මෙය. මම ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. නමුත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නොකළේ නම් ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතුරින් වනු ඇත යැයි ඇය පැවසුවාය.

තෆ්සීර්

අසීස්ගේ බිරිය ඔවුනට අත් වූ ඉරණම දුටු කල්හි, ඇය, "ඔහු කෙරෙහි මා පෙමින් බැඳුණු හේතුවෙන් නුඹලා මට දොස් නගා සිටි තරුණයා මොහුය. මම ඔහු ව පැතුවෙමි. ඔහු රවටා ග්රහණය කරන්නට බැලුවෙමි. නමුත් ඔහු වැළකී සිටියේය. ඉදිරියේදී මා පතන දෑ ඔහු සිදු නොකළේ නම් මම ඔහු සිරගෙයට යවමි" යැයි පැවසුවාය. (අවසානයේ) ඔවුහු යටහත් පහත් වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න