සූරා 12 · ජුස් 12

Yusuf · 12:31

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَا إِلَّا مَلَكٌ كَرِيمٌ

ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළාය. ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම පිහියක් බැගින් දුන්නාය. පසු ව ඔබ ඔවුන් ඉදිරියට පිට ව යනු යැයි (යූසුෆ්ට) ඇය පැවසුවාය. ඔවුහු ඔහු ව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. ඔවුන්ගේ අත් (ඔවුන් නොදැනුවත්වම) කපා ගත්හ. අල්ලාහ් අප ව ආරක්ෂා කරත්වා මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය මලක්වරයකු මිස නැතැයි ඔවුහු පවසා සිටියහ.

තෆ්සීර්

අසීස්ගේ බිරිය, තමන්ට එරෙහි ව ඔවුන්ගේ හෙළා දැකීම හා ඔවුන් කළ චෝදනාවට සවන් දුන් කල්හි, ඔවුන් යූසුෆ් ගැන දැන, තමන් වෙත නිදහසට කරුණු පෙන්වීම සඳහා ඔවුන් කැඳවා එනමෙන් ඇරයුම් කළාය. ඔවුන්ගේ ස්ථානයේ මෙට්ට හා කොට්ට ද සූදානම් කර තැබීය. චෝදනා කළ සෑම කාන්තාවකටම ආහාර කැපීම සඳහා පිහියක් ද අතට දුන්නාය. පසුව ඇය යූසුෆ්ට, "‘ඔබ ඔවුන් ඉදිරියට යනු" යැයි පැවසුවාය. ඔවුන් ඔහු දුටු කල්හි ඔහු ගැන අගය කොට කතා කරන්නට වූවෝය. ඔහුගේ අලංකාරය හේතුවෙන් තිගැස්සී ගියෝය. ඔහුගේ අලංකාරය ගැන මවිතයට පත් වූවෝය. ඔවුන් දැඩි ලෙස මවිතයට පත් ව සිටි බැවින් ආහාර භෝජන කැපීම සඳහා සූදානම් කර තැබූ පිහිවලින් ඔවුන්ගේ අත් තුවාල කර ගත්හ. තවද "අල්ලාහ් සුවිශුද්ධය, මෙම දරුවා මිනිසෙකු නොවේ. ඔහු තුළ තිබූ අලංකාරය මිනිසුන් තුළ දකින්නට පුළුවන් කමක් නැත. ඔහු ගෞරවනීය දේව දූතයින් අතර සිටින සම්භාවනීය දූතයකු මිස නැත." යැයි පවසා සිටියහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න