සූරා 12 · ජුස් 12

Yusuf · 12:30

۞ وَقَالَ نِسْوَةٌ فِي الْمَدِينَةِ امْرَأَتُ الْعَزِيزِ تُرَاوِدُ فَتَاهَا عَنْ نَفْسِهِ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَاهَا فِي ضَلَالٍ مُبِينٍ

අසීස්ගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමග (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇය ව වෙළා ඇත. සැබැවින්ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකින්නෙමු යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.

තෆ්සීර්

ඇයගේ මේ සිද්ධිය නගරය පුරා පැතිරිණ. කාන්තාවන් අතර පිරිසක් එය හෙළා දකිමින්, "අසීස්ගේ බිරිය ඇයගේ වහලා ඇය වෙත ඇරයුම් කර ඇත්තාහ. ඔහුගේ ආදරය ඇයගේ හදවතේ ඇල්මක් ඇති කර ඇත. ඔහු ඇයගේ වහලෙකු ලෙස සිටිය දී ඔහු කෙරෙහි පමණක් ඇය ආදරය කර ඔහුව (කාමයේ වරදවා හැසිරීමට) තැත් කළ හේතුවෙන් ඇය පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න