සූරා 12 · ජුස් 12

Yusuf · 12:26

قَالَ هِيَ رَاوَدَتْنِي عَنْ نَفْسِي ۚ وَشَهِدَ شَاهِدٌ مِنْ أَهْلِهَا إِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكَاذِبِينَ

මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. (එවිට) ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතුරිනි යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේය.

තෆ්සීර්

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අශීලාචාර කටයුත්ත සඳහා මට ඇරයුම් කළේ ඇයයි. ඒ සඳහා මම ඇයව අපේක්ෂා නොකළෙමි. පසුව ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු නැගී සිට එතුමා කළ ප්රකාශයට සාක්ෂි ඉදිරිපත් කළේය. "යූසුෆ්ගේ කමිසය ඉදිරිපසින් ඉරී ඇත්නම් එය ඇයගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය ඔහුගෙන් වැළකෙන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ වී නම් ඔහු බොරුකාරයෙකු වෙයි."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න