සූරා 12 · ජුස් 12

Yusuf · 12:25

وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِيصَهُ مِنْ دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ ۚ قَالَتْ مَا جَزَاءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوءًا إِلَّا أَنْ يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ

දෙදෙනාම තරඟ වැඳ දොරටු ව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවාය. දෙදෙනාම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැයි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවාය.

තෆ්සීර්

යූසුෆ් තමන් ආරක්ෂා කර ගැනීමටත්, ඇය ඔහු පිට ව යෑමෙන් වැළැක්වීමටත් ඔවුන් දෙදෙනාම දොරටුව දක්වාම තරඟ වැදුණහ. ඔහු පිටතට යෑමෙන් වැළැක්වීම සඳහා ඇය ඔහුගේ කමිසය අල්ලා ගත්තාය. එය පසුපසින් ඉරී ගියේය. ඇයගේ ස්වාමියා දොරකඩ අසළ ඔවුන් දෙදෙනාව දුටුවේය. අසීස්ගේ බිරිය අසීස් දෙස බලා වංචනික ව, "අහෝ අසීස්! ඔබේ බිරිය සමග අශීලාචාර ක්රියාවකට තැත් කළ අයගේ දඬුවම සිරගත කිරීම හෝ වේදනීය දඬුවමකින් දඬුවම් කිරීම හෝ හැර වෙනත් දඬුවමක් තිබිය හැකි දැ?"යි විමසා සිටියාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න