සූරා 12 · ජුස් 12

Yusuf · 12:24

وَلَقَدْ هَمَّتْ بِهِ ۖ وَهَمَّ بِهَا لَوْلَا أَنْ رَأَىٰ بُرْهَانَ رَبِّهِ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاءَ ۚ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ

ඇය ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවාය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නොදුටුවේ නම් ඔහු ද ඇය සමග නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අපගේ අවංක ගැත්තන් අතුරින් විය.

තෆ්සීර්

අශීලාචාර ක්රියාවට සැබැවින්ම ඇය ආශා කළාය. එය ඔහුට බරපතල වරදක් විය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සංඥාවන් නොදුටුවේ නම් එයින් ඔහු වළක්වා ඔහු ව දුරස් කරන්නට කිසිවකට නොහැකි වන්නේය. ඔහුගෙන් නපුර ඉවත් කරනු වස් අපි එය ඔහුට පෙන්වූයෙමු. දුරාචාරයෙන් හා වංචාවෙන් අපි ඔහු දුරස් කළෙමු. සැබැවින් යූසුෆ් දූත මෙහෙය හා නබිත්වය සඳහා තෝරාගත් අපගේ ගැත්තන් අතරින් කෙනෙකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න