සූරා 12 · ජුස් 12

Yusuf · 12:23

وَرَاوَدَتْهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَنْ نَفْسِهِ وَغَلَّقَتِ الْأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ اللَّهِ ۖ إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

ඇය ඇයගේ නිවසේ විසූ ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) පෙලඹුවාය. ඇය දොරටු වැසුවාය. තමන් අසලට පැමිණෙන්නැයි පැවසුවාය. අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි නියත වශයෙන්ම මාගේ පරමාධිපති මාගේ ස්ථානය අලංකාරවත් කළේය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

අසීස්ගේ බිරිය ඉතා ලෙන්ගතුකමින් කුමන්ත්රණශීලී ව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සමග අශීලාචාරව හැසිරෙන්නට ඔහුට ඇරයුම් කළාය. ඔවුන් හුදකලාවේ සිටිය දී දොරවල් වසා දැම්මාය. ඇය ඔහුට, "එන්න, මා වෙත ළංවෙන්නැ"යි පැතුවාය. එවිට යූසුෆ් තුමා, "නුඹ කවර කරුණක් වෙත මා ඇරයුම් කරන්නීද මම ඒ ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂා ව පතමි. සැබැවින්ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය ඔහු වෙත තබා මා සමග දැහැමි ලෙස කටයුතු කර ඇත්තාහ. එහෙයින් මම කිසිවිටෙක ඔහුට වංචාවක් නොකරමි. එසේ මම ඔහුට වංචාවක් කළේ නම් මා අපරාධකරුවෙකු බවට පත් වෙමි. නියත වශයෙන්ම අපරාධකාරී ජනයා ජය නොලබති" යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න