සූරා 12 · ජුස් 12

Yusuf · 12:21

وَقَالَ الَّذِي اشْتَرَاهُ مِنْ مِصْرَ لِامْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ وَلِنُعَلِّمَهُ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් අය තම බිරිය අමතා මොහු ව මොහුගේ ස්ථානයේ සිට ආදරයෙන් රැක බලා ගන්න. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු යැයි පැවසුවේය. එලෙසය අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ. තවද අපි ඔහුට සිදුවීම් වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නාය. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.

තෆ්සීර්

ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් පුද්ගලයා තම බිරියට, "ඔහු සමග යහපත් ලෙස කටයුතු කරන්න. ඔහුගේ ස්ථානය අප සමගම තබා ඔහුව රැකබලා ගන්න. අපට අවශ්ය වූ වේලාවක භාවිත කිරීම සඳහා අපට ඔහු ප්රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපි ඔහු දරුවෙකු සේ හදාවඩා ගනිමු" යැයි පැවසීය. යූසුෆ් ව ඝාතනය කිරීමෙන් අපි ඔහු මුදවාගත් සේම, ඔහු ව ලිඳෙන් ගොඩට ගත් සේම, මිසරයේ අපි ඔහුට ජීවත් වන්නට ඉඩ සැලසුවෙමු. හීනයේ යථාර්ථය අපි ඔහුට උගන්වන්නෙමු. අල්ලාහ් තම නියෝගය ක්රියාත්මක කිරීමට බලය දරන්නාය. එහෙයින් ඔහුගේ නියෝගය ක්රියාත්මක වන්නකි. සුවි ශුද්ධ අල්ලාහ්ට කිසිදු බාධා කරන්නෙකු නැත. නමුත් බහුතරයක් දෙනා (අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්) එය වටහා නොගනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න