සූරා 12 · ජුස් 12
Yusuf · 12:20
وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ وَكَانُوا فِيهِ مِنَ الزَّاهِدِينَ
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි වලට ඔහු ව විකුණා දැමුවෝය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීනයින් අතුරින් වූහ.
තෆ්සීර්
රැගෙන ආ පුද්ගලයා හා ඔහුගේ සගයින් ඉතා සුළු මිලකට මිසරයේ දී -ඊජිප්තුවේ දී- ඔහු ව විකුණා දැමීය. එය ඉතා සුළු දිර්හම් කිහිපයකටය. සැබැවින්ම ඔහු වහලෙක් නොවන බව ඔවුන් දැන සිටි බැවින් හා තමන්ට ඔහුගේ පවුලෙන් උවදුරක් සිදුවේවි යන බිය නිසාවෙන්, ඉතා ඉක්මණින්ම ඔහුගෙන් මිදීමට කැමති වූ බැවින්, ඔහුගෙන් දුරස් වන්නට බැලූහ. ඔවුන් සමග දිගු කලක් රැදෙන්නට නොදීම අල්ලාහ් ඔහු කෙරෙහි දැක් වූ පූර්ණ ආශිර්වාදයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න