සූරා 12 · ජුස් 12
Yusuf · 12:19
وَجَاءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُ ۖ قَالَ يَا بُشْرَىٰ هَٰذَا غُلَامٌ ۚ وَأَسَرُّوهُ بِضَاعَةً ۚ وَاللَّهُ عَلِيمٌ بِمَا يَعْمَلُونَ
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේය. ඔවුනට ජලය සපයන්නා ව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටු ව (ළිඳට) දැමුවේය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහු ව ද සඟවා ගත්තෝය. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
තෆ්සීර්
තවලමක් ඒ අසළට පැමිණියේය. ඔවුහු තමන් වෙනුවෙන් ජලය සෙයා එන මෙන් ඉල්ලා පුද්ගලයෙකු එවූහ. ඔහු පනිට්ටුව ළිඳ ට දැම්මේය. යූසුෆ් කඹයේ එල්ලෙන්නට විය. එය ළිඳ ට යැවූ පුද්ගලයා එය දැක සතුටින්, "මෙම දරුවා ශුභාසංශනයකි." යැයි පවසා ඔවුන්ගේ භාණ්ඩ සමග ඔහු ව සඟවා ගත්තේය. තවලමේ සෙසු සගයින් සැබැවින්ම ඔහු වෙළෙඳ භාණ්ඩයක් ලෙස සිතුවෝය. ඔවුන් යූසුෆ් තුමාට සිදු කළ අකටයුතුකම් හා විකුණා දැමීම සම්බන්ධයෙන් අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න