සූරා 12 · ජුස් 12
Yusuf · 12:18
وَجَاءُوا عَلَىٰ قَمِيصِهِ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
ව්යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
කූට ලෙස සැලසුම් කළ ඔවුන්ගේ පුවත ඔවුන් තහවුරු කරන්නට බැලුවෝය. යූසුෆ්ගේ කමිසයට ඔහුගේ ලේ නොව වෙනත් ලේ ගල්වා ගෙනැවිත්, "සැබැවින්ම මෙය වෘකයා කා දැමූ සළකුණැ"කැයි යඃකූබ්ට සිතන්නට සැලැස්වීය. නමුත් සැබැවින්ම කමිසය ඉරී නොතිබීම හේතුවෙන් ඒ ගැන කල්පනා කොට ඔවුන් පවසනුයේ බොරු යැයි යඃකූබ් තුමාට වැටහිණ. පසු ව එතුමා ඔවුනට, "නුඹලා මට දන්වා සිටියාක් මෙන් කරුණ නොපවතී. නුඹලා ඔහුට කළ නපුරු ක්රියාව නුඹලා විසින්ම විචිත්රවත් කර පවසන්නෙහුය. මාගේ විෂයය වන්නේ කලබල නොවී අලංකාර ලෙස ඉවසීමය. යූසුෆ්ගේ විෂය ගැන නුඹලා මෙනෙහි කරමින් සිටි දෑ සඳහා මම අල්ලාහ්ගෙන් උපකාර පතමි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න