සූරා 12 · ජුස් 12

Yusuf · 12:17

قَالُوا يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِنْدَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ ۖ وَمَا أَنْتَ بِمُؤْمِنٍ لَنَا وَلَوْ كُنَّا صَادِقِينَ

‘අපගේ පියාණනි, නියත වශයෙන්ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමග යූසුෆ් ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහු ව කා දැමුවේය. අපි සත්‍යවාදීන් ව සිටිය ද ඔබ අප ව විශ්වාස කරන්නකු නොවනු ඇතැයි’ ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

"අපගේ පියාණනි! දුව (පැන) තරඟ වදිමින් හා හී එල්ල කරමින් අපි ගියෙමු. අපගේ ඇඳුම් හා භාණ්ඩ ආරක්ෂා කරනු පිණිස අපි යූසුෆ්ව ඒ සමග නතර කළෙමු. එවිට වෘකයා ඔහු කා දැමුවේය. ඔබ අප විශ්වාස නොකරනු ඇත. නමුත් අපි ඔහු ගැන කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද ඒ ගැන අපි සත්යවන්තයින් වෙමු" යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න