සූරා 12 · ජුස් 12
Yusuf · 12:15
فَلَمَّا ذَهَبُوا بِهِ وَأَجْمَعُوا أَنْ يَجْعَلُوهُ فِي غَيَابَتِ الْجُبِّ ۚ وَأَوْحَيْنَا إِلَيْهِ لَتُنَبِّئَنَّهُمْ بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු ඔහු ව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහු ව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන්ම ඔවුන් නොහඟමින් සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
තෆ්සීර්
යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් සමග ඔහුව එවීය. ඔහු රැගෙන දුරට ගිය කල්හි, ළිං පතුළට ඔහු හෙළන්නට ඔවුන් අධිෂ්ඨාන කර ගත්තෝය. එම තත්ත්වයේ, "ඔවුන්ගේ මෙම ක්රියාව හේතුවෙන් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරේ. නුඹ ගැන ඔවුනට දන්වා සිටින පසුබිමක නුඹ යන වග ඔවුනට නොහැඟේ." යැයි අපි යූසුෆ්ට දේව පණිවිඩ එව්වෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න