සූරා 12 · ජුස් 13
Yusuf · 12:101
۞ رَبِّ قَدْ آتَيْتَنِي مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِي مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنْتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ تَوَفَّنِي مُسْلِمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ
මාගේ පරමාධිපතියාණනි, ඔබ මට රාජ්යය පිරිනැමුවෙහිය. තවද සිදුවීම් වල යථාර්ථය ඉගැන්වූවෙහිය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි, මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙසින් මරණයට පත් කරනු මැනව තවද දැහැමියන් සමග මා සේන්දු කරනු මැනව
තෆ්සීර්
පසුව යූසුෆ් තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණෙනි! මිසර දේශයේ පාලනය සැබැවින්ම ඔබ මට පිරිනමා ඇත. සිහිනවලට පලාපල කීමේ දැනුම ද ඔබ මට උගන්වා ඇත. අහෝ අහස් හා මහපොළොවේ මැවුම් කරුවාණනි! කිසිදු පූර්වාදර්ශයකින් තොරව ඒ දෙකෙහි ඇති දෑ උත්පාදනය කළවුනි! මාගේ ජීවිතයේ ඇති මාගේ සියලුම කටයුතුවල භාරකරු ඔබය. එමෙන්ම මතුලොවෙහි ඒ සියල්ලෙහි භාරකරු ද ඔබ ය. මාගේ ආයු කාලය අවසන් වන විට ඔබට අවනත වන මුස්ලිම්වරයකු ලෙස මාගේ ප්රාණය අත්පත් කර ගනු මැනව. ෆිර්දවුස් නම් උසස් ස්වර්ගයේ සිටින මාගේ මුතුන් මිත්තන් අතර හා මුතුන් මිත්තන් නොවන අය අතර සිටි දැහැමි නබිවරුන් සමග මා ද සේන්දු කරනු මැනව!" යැයි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න