සූරා 12 · ජුස් 13
Yusuf · 12:100
وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا ۖ وَقَالَ يَا أَبَتِ هَٰذَا تَأْوِيلُ رُؤْيَايَ مِنْ قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا ۖ وَقَدْ أَحْسَنَ بِي إِذْ أَخْرَجَنِي مِنَ السِّجْنِ وَجَاءَ بِكُمْ مِنَ الْبَدْوِ مِنْ بَعْدِ أَنْ نَزَغَ الشَّيْطَانُ بَيْنِي وَبَيْنَ إِخْوَتِي ۚ إِنَّ رَبِّي لَطِيفٌ لِمَا يَشَاءُ ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේය. තවද ඔවුහු ඔහුට සුජූද් කරමින් හිස නැමූහ. තවද මාගේ පියාණනි, මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ ලෙසින්ම ඇති කළේය. සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලා ව ගෙන ආ විටද ඔහු මා සමග යහපත් අයුරින් කටයුතු කළේය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්රීය. නියත වශයෙන්ම සර්වඥානී සියුම් ඥානය ඇත්තා ඔහුමය.
තෆ්සීර්
ඔහු වාඩිවන ආසනයේ ඔහුගේ දෙමව්පියන් වාඩි කරවීය. තම දෙමාපියන් හා තම සහෝදරයින් එකොළොස් දෙනා නැමදුමක් ලෙස නොව ගරු කිරීමක් ලෙස හිස නමා ආචාර කළේය. සිහිනයේ දුටු පරිදි අල්ලාහ්ගේ නියමය සනාථ විය. එහෙයින් යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, තම පියාණන්ට, “ඔබ සැම මට හිසනමා ආචාර කිරීමේ සිද්ධිය මම ඔබට පවසා සිටි මා දුටු සිහිනයේ පලාපලයි. මාගේ පරමාධිපති එම සිදුවීම යථාර්ථයක් බවට පත් කළේය. මාගේ පරමාධිපති මා සිරගෙයින් බැහැර කළ අවස්ථාවේත්, මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් ප්රචණ්ඩත්වය ඇති කිරීමෙන් පසු නුඹලා ගමින් පැමිණි අවස්ථාවේත්, ඔහු මා වෙත උපකාර කළේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑ සැලසුම් කිරීමෙහි ඉතා සූක්ෂමය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන සර්වඥානීය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න