Ash-Shu'ara

سورة الشعراء

සූරා 26 · මක්කා · 227 පද

26:1ජුස් 19 · පි. 367

طسم1

තා, සීන්, මීම්
26:2ජුස් 19 · පි. 367

تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ2

එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන්ය.
26:3ජුස් 19 · පි. 367

لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ3

ඔවුහු දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට තැත් කරන්නාක් මෙනි.
26:4ජුස් 19 · පි. 367

إِنْ نَشَأْ نُنَزِّلْ عَلَيْهِمْ مِنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ4

අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහි ව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.
26:5ජුස් 19 · පි. 367

وَمَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنَ الرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ5

මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණියේ නැත. ඔවුහු ඒ ගැන පිටුපාමින් සිටියා මිස.
26:6ජුස් 19 · පි. 367

فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ6

එවිට සැබැවින්ම ඔවුහු බොරු කළෝය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෙහු ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
26:7ජුස් 19 · පි. 367

أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ7

එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින්ම කොපමණක් දෑ හට ගන්වා ඇති දැයි මහපොළොව දෙස ඔවුහු නොබැලුවෙහු ද?
26:8ජුස් 19 · පි. 367

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ8

නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ.
26:9ජුස් 19 · පි. 367

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ9

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන්, මහා කරුණාන් විතයාණන් වූ සර්ව බලධාරී ඔහුමය.
26:10ජුස් 19 · පි. 367

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ10

අපරාධකාරී ජනයා වෙත නුඹ යනු යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව සිහියට නගනු.
26:11ජුස් 19 · පි. 367

قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ11

ෆිර්අවුන්ගේ ජනයා වෙත ඔවුහු බිය බැතිමත් විය යුතු නොවේ ද?
26:12ජුස් 19 · පි. 367

قَالَ رَبِّ إِنِّي أَخَافُ أَنْ يُكَذِّبُونِ12

මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
26:13ජුස් 19 · පි. 367

وَيَضِيقُ صَدْرِي وَلَا يَنْطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ13

මාගේ හදවත පීඩනයට පත් ව ඇත. මාගේ දිව ක්‍රියාකාරී නොවෙයි. එහෙයින් හාරූන් වෙත ද (දේව පණිවිඩ) නුඹ එවනු.
26:14ජුස් 19 · පි. 367

وَلَهُمْ عَلَيَّ ذَنْبٌ فَأَخَافُ أَنْ يَقْتُلُونِ14

මා වෙත පැටවුණු පාපයක් ඔවුන් සතු ව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි
26:15ජුස් 19 · පි. 367

قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُمْ مُسْتَمِعُونَ15

එසේ නොව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන්ම අපි නුඹලා සමග සිට සවන් දෙන්නෝ වෙමු.
26:16ජුස් 19 · පි. 367

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ16

එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයන් වෙමු යැයි ද
26:17ජුස් 19 · පි. 367

أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ17

අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.
26:18ජුස් 19 · පි. 367

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ18

අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු පැවසීය.
26:19ජුස් 19 · පි. 367

وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنْتَ مِنَ الْكَافِرِينَ19

තවද නුඹ ගුණමකුවන් අතුරින් සිටිය දී නුඹ සිදු කළ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කළෙහිය.
26:20ජුස් 19 · පි. 368

قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ20

මුළාවූවන් අතුරින් කෙනෙකු ව මා සිටිය දී එවිට මම එය සිදු කළෙමි යැයි ඔහු පැවසීය.
26:21ජුස් 19 · පි. 368

فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ21

එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. මා දහම් දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කළේය.
26:22ජුස් 19 · පි. 368

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدْتَ بَنِي إِسْرَائِيلَ22

තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන් (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහිය.
26:23ජුස් 19 · පි. 368

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ23

සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසීය.
26:24ජුස් 19 · පි. 368

قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ24

නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස් හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
26:25ජුස් 19 · පි. 368

قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ25

නුඹලා සවන් නොදෙන්නේ දැයි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසීය.
26:26ජුස් 19 · පි. 368

قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ26

(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසීය.
26:27ජුස් 19 · පි. 368

قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ27

නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ දහම් දූතයා නියත වශයෙන්ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
26:28ජුස් 19 · පි. 368

قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ28

නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
26:29ජුස් 19 · පි. 368

قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَٰهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ29

මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
26:30ජුස් 19 · පි. 368

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُبِينٍ30

මම නුඹ වෙත පැහැදිලි කරුණක් ගෙන ආවේ නම් වුව) දැයි ඔහු (මූසා) විමසීය.
26:31ජුස් 19 · පි. 368

قَالَ فَأْتِ بِهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ31

එසේ නම් නුඹ සත්‍යවාදීන් අතුරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
26:32ජුස් 19 · පි. 368

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ32

එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේය. එවිට එය පැහැදිලි නාගයකු විය.
26:33ජුස් 19 · පි. 368

وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ33

තවද ඔහුගේ අත ඉවතට ගත්තේය. එවිට එය නරඹන්නන් හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.
26:34ජුස් 19 · පි. 368

قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ34

නියත වශයෙන්ම මොහු මනා දැනුමැති හූනියම් කරවෙකි යැයි තමන් අවට සිටි ප්‍රධානීන් හට ඔහු පැවසීය.
26:35ජුස් 19 · පි. 368

يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ35

ඔහුගේ හූනියම මගින් නුඹලා ව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?
26:36ජුස් 19 · පි. 368

قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ36

ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝය.
26:37ජුස් 19 · පි. 368

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ37

මනා දැනුමැති සියලුම හූනියම්කරුවන් නුඹ වෙත ඔවුහු ගෙන එනු ඇත.
26:38ජුස් 19 · පි. 368

فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَعْلُومٍ38

එසේ නියමිත දිනක නියමිත වේලාවක හූනියම් කරුවන් එක්රැස් කරන ලදී.
26:39ජුස් 19 · පි. 368

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنْتُمْ مُجْتَمِعُونَ39

තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැයි ජනයාගෙන් විමසන ලදී.
26:40ජුස් 19 · පි. 369

لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِنْ كَانُوا هُمُ الْغَالِبِينَ40

හූනියම් කරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයෙහු නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.
26:41ජුස් 19 · පි. 369

فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ41

හූනියම්කරුවෝ පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැයි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.
26:42ජුස් 19 · පි. 369

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَمِنَ الْمُقَرَّبِينَ42

එසේය: එවිට නියත වශයෙන්ම නුඹලා (මට) සමීපතයින් අතුරින් වන්නෙහුය.
26:43ජුස් 19 · පි. 369

قَالَ لَهُمْ مُوسَىٰ أَلْقُوا مَا أَنْتُمْ مُلْقُونَ43

නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසීය.
26:44ජුස් 19 · පි. 369

فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ44

එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ අනුහසින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ.
26:45ජුස් 19 · පි. 369

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ45

එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළීය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේය.
26:46ජුස් 19 · පි. 369

فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ46

පසුව හූනියම්කරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදී.
26:47ජුස් 19 · පි. 369

قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ47

සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසූහ.
26:48ජුස් 19 · පි. 369

رَبِّ مُوسَىٰ وَهَارُونَ48

ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.
26:49ජුස් 19 · පි. 369

قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ49

මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද?. නුඹලාට හූනියම ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ දමා ඇණ ගසමි යැයි පැවසීය.
26:50ජුස් 19 · පි. 369

قَالُوا لَا ضَيْرَ ۖ إِنَّا إِلَىٰ رَبِّنَا مُنْقَلِبُونَ50

කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
26:51ජුස් 19 · පි. 369

إِنَّا نَطْمَعُ أَنْ يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَنْ كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ51

අප දෙවියන් කෙරෙහි විශ්වාස තැබූ මුල් අය වූ බැවින් අපගේ වැරදි වලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි ප්‍රිය කරන්නෙමු.
26:52ජුස් 19 · පි. 369

۞ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُمْ مُتَّبَعُونَ52

තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත් ව යනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.
26:53ජුස් 19 · පි. 369

فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ53

එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගර වලට රැස් කරන්නන් එවීය.
26:54ජුස් 19 · පි. 369

إِنَّ هَٰؤُلَاءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ54

නියත වශයෙන්ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.
26:55ජුස් 19 · පි. 369

وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ55

තවද නියත වශයෙන්ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.
26:56ජුස් 19 · පි. 369

وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ56

තවද නියත වශයෙන්ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.
26:57ජුස් 19 · පි. 369

فَأَخْرَجْنَاهُمْ مِنْ جَنَّاتٍ وَعُيُونٍ57

එහෙයින් ඔවුන් (භුක්ති විඳිමින් සිටි) උයන් වලින් හා උල්පත් වලින් ද අපි ඔවුන් බැහැර කළෙමු.
26:58ජුස් 19 · පි. 369

وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ58

නිධන් වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)
26:59ජුස් 19 · පි. 369

كَذَٰلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ59

එලෙස අපි එ(ම සම්පත්වලින් පිරුණු දේශ)ය ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.
26:60ජුස් 19 · පි. 369

فَأَتْبَعُوهُمْ مُشْرِقِينَ60

පසුව උදෑසන උදාවූවන් ලෙසින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝය.
26:61ජුස් 19 · පි. 370

فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَىٰ إِنَّا لَمُدْرَكُونَ61

කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නන් වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.
26:62ජුස් 19 · පි. 370

قَالَ كَلَّا ۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ62

එසේ නොව නියත වශයෙන්ම මා සමග මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසීය.
26:63ජුස් 19 · පි. 370

فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ ۖ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ63

ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.
26:64ජුස් 19 · පි. 370

وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ64

තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.
26:65ජුස් 19 · පි. 370

وَأَنْجَيْنَا مُوسَىٰ وَمَنْ مَعَهُ أَجْمَعِينَ65

තවද අපි මූසා හා ඔහු සමග සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.
26:66ජුස් 19 · පි. 370

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ66

පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.
26:67ජුස් 19 · පි. 370

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ67

නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
26:68ජුස් 19 · පි. 370

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ68

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව බලධාරියාණන් මහා කරුණාන්විතයාණන්.
26:69ජුස් 19 · පි. 370

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ69

තවද නුඹ ඔවුන් වෙත ඉබ්‍රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.
26:70ජුස් 19 · පි. 370

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ70

නුඹලා කුමක් නමදින්නෙහුදැයි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසීය.
26:71ජුස් 19 · පි. 370

قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ71

අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන්ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
26:72ජුස් 19 · පි. 370

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ72

නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද?
26:73ජුස් 19 · පි. 370

أَوْ يَنْفَعُونَكُمْ أَوْ يَضُرُّونَ73

එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි ඔහු විමසීය.
26:74ජුස් 19 · පි. 370

قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ74

නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසූහ.
26:75ජුස් 19 · පි. 370

قَالَ أَفَرَأَيْتُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ75

නුඹලා සිතා බැලුවෙහු දැ?යි ඔහු (ඉබ්‍රාහිම්) විමසීය.
26:76ජුස් 19 · පි. 370

أَنْتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ76

නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් නමදිමින් සිටින දෑ ගැන
26:77ජුස් 19 · පි. 370

فَإِنَّهُمْ عَدُوٌّ لِي إِلَّا رَبَّ الْعَالَمِينَ77

හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.
26:78ජුස් 19 · පි. 370

الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ78

ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.
26:79ජුස් 19 · පි. 370

وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ79

තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.
26:80 · When I am ill, it is He who heals meජුස් 19 · පි. 370

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ80

තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.
26:81ජුස් 19 · පි. 370

وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ81

තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවිය දෙයි.
26:82ජුස් 19 · පි. 370

وَالَّذِي أَطْمَعُ أَنْ يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ82

තවද ඔහු වනාහි මාගේ වැරදි වලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මම ආශා කරන්නෙමි.
26:83ජුස් 19 · පි. 370

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ83

මාගේ පරමාධිපතියාණනි, මට ප්‍රඥාව පිරිනමනු මැනව ! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
26:84ජුස් 19 · පි. 371

وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ84

තවද පසු ව පැමිණෙන්නන් අතර සැබෑ ලෙස අගයන කතාවක් බවට මා පත් කරනු මැනව !
26:85ජුස් 19 · පි. 371

وَاجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيمِ85

සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතුරින් මා පත් කරනු මැනව !
26:86ජුස් 19 · පි. 371

وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ86

තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව ! නියත වශයෙන්ම ඔහු මුළා වූවන් අතුරින් කෙනෙකු විය.
26:87ජුස් 19 · පි. 371

وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ87

(ජනයා) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ මා දුකට පත් නොකරනු මැනව !
26:88ජුස් 19 · පි. 371

يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ88

(එය) ධනය හා දරුවන් ප්‍රයෝජනවත් නොවන දිනකි.
26:89ජුස් 19 · පි. 371

إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ89

නමුත් ශාන්තමය හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
26:90ජුස් 19 · පි. 371

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ90

බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
26:91ජුස් 19 · පි. 371

وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ91

තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
26:92ජුස් 19 · පි. 371

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تَعْبُدُونَ92

අල්ලාහ්ගෙන් තොර නුඹලා නමදිමින් සිටි දෑ කොහේදැ?යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
26:93ජුස් 19 · පි. 371

مِنْ دُونِ اللَّهِ هَلْ يَنْصُرُونَكُمْ أَوْ يَنْتَصِرُونَ93

ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතිහොත් ඔවුහු උදව් ලබන්නෝද?
26:94ජුස් 19 · පි. 371

فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ94

එවිට එහි ඔවුන් හා සීමාව ඉක්මවූවන් මුණින් අතට හෙළනු ලැබේ.
26:95ජුස් 19 · පි. 371

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ95

ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද මුණින් අතට හෙළනු ලැබේ.
26:96ජුස් 19 · පි. 371

قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ96

තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.
26:97ජුස් 19 · පි. 371

تَاللَّهِ إِنْ كُنَّا لَفِي ضَلَالٍ مُبِينٍ97

අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.
26:98ජුස් 19 · පි. 371

إِذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعَالَمِينَ98

සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලා ව පත් කළ අවස්ථාවේ
26:99ජුස් 19 · පි. 371

وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ99

අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අප ව නොමග නොයැවීය.
26:100ජුස් 19 · පි. 371

فَمَا لَنَا مِنْ شَافِعِينَ100

එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.
26:101ජුස් 19 · පි. 371

وَلَا صَدِيقٍ حَمِيمٍ101

තවද උණු වන (හදවතක් ඇති) මිතුරෙකු හෝ නොමැත.
26:102ජුස් 19 · පි. 371

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ102

එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් වන්නෙමු.
26:103ජුස් 19 · පි. 371

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ103

නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
26:104ජුස් 19 · පි. 371

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ104

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
26:105ජුස් 19 · පි. 371

كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ105

නූහ්ගේ ජනයා දූතවරුන් බොරු කළහ.
26:106ජුස් 19 · පි. 371

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ106

නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාවේ..
26:107ජුස් 19 · පි. 371

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ107

නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.
26:108ජුස් 19 · පි. 371

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ108

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:109ජුස් 19 · පි. 371

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ109

තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
26:110ජුස් 19 · පි. 371

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ110

එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:111ජුස් 19 · පි. 371

۞ قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ111

පහත් අය නුඹ ව අනුගමනය කරමින් සිටියදී අපි නුඹ ව විශ්වාස කරන්නෙමු දැයි ඔවුහු විමසූහ.
26:112ජුස් 19 · පි. 372

قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ112

ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මට දැනුම නොමැතැයි ඔහු පැවසුවේය.
26:113ජුස් 19 · පි. 372

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّي ۖ لَوْ تَشْعُرُونَ113

නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස නැත.
26:114ජුස් 19 · පි. 372

وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَ114

තවද මම දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නොවෙමි.
26:115ජුස් 19 · පි. 372

إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ115

මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.
26:116ජුස් 19 · පි. 372

قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ116

අහෝ ! නූහ්, නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතුරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
26:117ජුස් 19 · පි. 372

قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ117

මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ ජනයා මා බොරු කළහ යැයි ඔහු පැවසීය.
26:118ජුස් 19 · පි. 372

فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَنْ مَعِيَ مِنَ الْمُؤْمِنِينَ118

එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින්නවුන් අතුරින් දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
26:119ජුස් 19 · පි. 372

فَأَنْجَيْنَاهُ وَمَنْ مَعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ119

එවිට (ජීවීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු ද ඔහු සමග සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.
26:120ජුස් 19 · පි. 372

ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَ120

ඉන් අනතුරු ව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.
26:121ජුස් 19 · පි. 372

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ121

නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
26:122ජුස් 19 · පි. 372

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ122

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
26:123ජුස් 19 · පි. 372

كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ123

ආද් ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
26:124ජුස් 19 · පි. 372

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ124

නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැයි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
26:125ජුස් 19 · පි. 372

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ125

නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකි.
26:126ජුස් 19 · පි. 372

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ126

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:127ජුස් 19 · පි. 372

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ127

තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
26:128ජුස් 19 · පි. 372

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَ128

සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුලුනු) තනන්නෙහු ද?
26:129ජුස් 19 · පි. 372

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ129

නුඹලා සදා ජීවත් විය හැකි වනු පිණිස මන්දිර තනා ගන්නෙහු ද?
26:130ජුස් 19 · පි. 372

وَإِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِينَ130

තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහුය.
26:131ජුස් 19 · පි. 372

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ131

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:132ජුස් 19 · පි. 372

وَاتَّقُوا الَّذِي أَمَدَّكُمْ بِمَا تَعْلَمُونَ132

නුඹලා දන්නා දෑ මගින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
26:133ජුස් 19 · පි. 372

أَمَدَّكُمْ بِأَنْعَامٍ وَبَنِينَ133

ගොවිපළ සතුන් පිරිමි දරුවන් ඔහු නුඹලාට උපකාර කළේය.
26:134ජුස් 19 · පි. 372

وَجَنَّاتٍ وَعُيُونٍ134

උයන් හා උල්පත් මගින් ද ඔහු නුඹලාට උපකාර කළේය.
26:135ජුස් 19 · පි. 372

إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ135

නියත වශයෙන්ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
26:136ජුස් 19 · පි. 372

قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُنْ مِنَ الْوَاعِظِينَ136

නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතුරින් නොවූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.
26:137ජුස් 19 · පි. 373

إِنْ هَٰذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ137

මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නොවීය.
26:138ජුස් 19 · පි. 373

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ138

තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.
26:139ජුස් 19 · පි. 373

فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ139

එසේ ඔවුහු බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
26:140ජුස් 19 · පි. 373

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ140

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය මහාකරුණාන්විත සර්ව බලධාරීයාණන්.
26:141ජුස් 19 · පි. 373

كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ141

සමූද් ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
26:142ජුස් 19 · පි. 373

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ142

නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැ?යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
26:143ජුස් 19 · පි. 373

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ143

නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකු වෙමි.
26:144ජුස් 19 · පි. 373

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ144

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:145ජුස් 19 · පි. 373

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ145

තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
26:146ජුස් 19 · පි. 373

أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ146

මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
26:147ජුස් 19 · පි. 373

فِي جَنَّاتٍ وَعُيُونٍ147

උයන් හා උල්පත් වල ඇති දෑ සමග
26:148ජුස් 19 · පි. 373

وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ148

තවද කෙත් වතු හා පැහුණු වලුබරැති ඉඳි ගස්හි ද ඇති දෑ සමග
26:149ජුස් 19 · පි. 373

وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ149

තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු තුළ හාරා නිවෙස් තනා ගන්නෙහුය.
26:150ජුස් 19 · පි. 373

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ150

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:151ජුස් 19 · පි. 373

وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ151

තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නොවනු.
26:152ජුස් 19 · පි. 373

الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ152

ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත් ව කටයුතු නොකරති.
26:153ජුස් 19 · පි. 373

قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ153

නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතුරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.
26:154ජුස් 19 · පි. 373

مَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا فَأْتِ بِآيَةٍ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ154

නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතුරින් නම් සංඥාවක් ගෙන එනු.
26:155ජුස් 19 · පි. 373

قَالَ هَٰذِهِ نَاقَةٌ لَهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَعْلُومٍ155

මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පානය (සඳහා වූ දිනය)කි. තවද නුඹලා වෙනුවෙන් පානය සඳහා නම් කරනු ලැබූ දිනයකි.
26:156ජුස් 19 · පි. 373

وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ156

තවද නුඹලා නපුරු අයුරින් ඌ ස්පර්ශ නොකරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත.
26:157ජුස් 19 · පි. 373

فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ157

නමුත් ඔවුහු උගේ නහර කපා මරා දැමූහ. එවිට ඔවුහු වැලපෙන්නන් බවට පත් වූහ.
26:158ජුස් 19 · පි. 373

فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ158

එවිට එම දඬුවම ඔවුහු ග්‍රහණය කළෝය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ.
26:159ජුස් 19 · පි. 373

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ159

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
26:160ජුස් 19 · පි. 374

كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ160

ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
26:161ජුස් 19 · පි. 374

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ161

නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
26:162ජුස් 19 · පි. 374

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ162

නියත වශයෙන්ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය දූතයකු වෙමි.
26:163ජුස් 19 · පි. 374

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ163

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:164ජුස් 19 · පි. 374

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ164

තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
26:165ජුස් 19 · පි. 374

أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ165

නුඹලා ලෝවැසියන් අතුරින් පිරිමින් වෙත (සම ලිංගික අවශ්‍යතා සඳහා) යන්නෙහු ද?
26:166ජුස් 19 · පි. 374

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِنْ أَزْوَاجِكُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ عَادُونَ166

නුඹලාගේ බිරියන් අතුරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මැවූ දෑ අත හැර දමා (පිරිමින් වෙත) යන්නෙහුය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.
26:167ජුස් 19 · පි. 374

قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ167

අහෝ! ලූත්, නුඹ එයින් නොවැළකුණෙහි නම්, සැබැවින්ම නුඹ බැහැර කරනු ලබන්නන් අතුරින් වන්නෙහුය යැයි ඔවුහු පැවසුවෝය.
26:168ජුස් 19 · පි. 374

قَالَ إِنِّي لِعَمَلِكُمْ مِنَ الْقَالِينَ168

නියත වශයෙන්ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි ඔහු පැවසීය.
26:169ජුස් 19 · පි. 374

رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَ169

පරමාධිපතියාණනි, ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!
26:170ජුස් 19 · පි. 374

فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ170

ඔහු හා ඔහුගේ දරුපවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.
26:171ජුස් 19 · පි. 374

إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ171

එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර
26:172ජුස් 19 · පි. 374

ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ172

පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.
26:173ජුස් 19 · පි. 374

وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنْذَرِينَ173

තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.
26:174ජුස් 19 · පි. 374

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ174

නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
26:175ජුස් 19 · පි. 374

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ175

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
26:176ජුස් 19 · පි. 374

كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ176

අය්කා වාසීහු ද දහම් දූතයින් බොරු කළහ.
26:177ජුස් 19 · පි. 374

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ177

නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
26:178ජුස් 19 · පි. 374

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ178

නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකු වෙමි.
26:179ජුස් 19 · පි. 374

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ179

එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
26:180ජුස් 19 · පි. 374

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ180

තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
26:181ජුස් 19 · පි. 374

۞ أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ181

නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා පාඩු කරන්නන් අතුරින් නොවනු.
26:182ජුස් 19 · පි. 374

وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ182

ඍජු තුලනයෙන් නුඹලා කිරනු.
26:183ජුස් 19 · පි. 374

وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ183

තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස සැරිනොසරනු.
26:184ජුස් 19 · පි. 375

وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ184

නුඹලා හා මුල් මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
26:185ජුස් 19 · පි. 375

قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ185

නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතුරිනි යැයි ඔවුහු පැවසූහ.
26:186ජුස් 19 · පි. 375

وَمَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا وَإِنْ نَظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ186

තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. තවද අපි නුඹ බොරුකාරයින් අතුරින් යැයි සිතමු.
26:187ජුස් 19 · පි. 375

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِنَ السَّمَاءِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ187

එසේ නම් නුඹ සත්‍යවාදීන් අතුරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.
26:188ජුස් 19 · පි. 375

قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ188

නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
26:189ජුස් 19 · පි. 375

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ ۚ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ189

එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය.
26:190ජුස් 19 · පි. 375

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ190

නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
26:191ජුස් 19 · පි. 375

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ191

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්වබලධාරී මහාකරුණාන්විතයාණන්.
26:192ජුස් 19 · පි. 375

وَإِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعَالَمِينَ192

තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
26:193ජුස් 19 · පි. 375

نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ193

විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.
26:194ජුස් 19 · පි. 375

عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ194

නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස නුඹේ හදවතට
26:195ජුස් 19 · පි. 375

بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ195

පැහැදිලි අරාබි බසින්
26:196ජුස් 19 · පි. 375

وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَ196

තවද නියත වශයෙන්ම එය මුතුන් මිත්තන්ගේ ග්‍රන්ථ වල විය.
26:197ජුස් 19 · පි. 375

أَوَلَمْ يَكُنْ لَهُمْ آيَةً أَنْ يَعْلَمَهُ عُلَمَاءُ بَنِي إِسْرَائِيلَ197

තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වත්හු ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නොවී ද?
26:198ජුස් 19 · පි. 375

وَلَوْ نَزَّلْنَاهُ عَلَىٰ بَعْضِ الْأَعْجَمِينَ198

තවද අරාබි නොවන ඇතැමුන් වෙත අපි එය පහළ කොට
26:199ජුස් 19 · පි. 375

فَقَرَأَهُ عَلَيْهِمْ مَا كَانُوا بِهِ مُؤْمِنِينَ199

එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුහු ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.
26:200ජුස් 19 · පි. 375

كَذَٰلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ200

වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙසය.
26:201ජුස් 19 · පි. 375

لَا يُؤْمِنُونَ بِهِ حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ201

වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳ ව ඔවුහු විශ්වාස නොකරති.
26:202ජුස් 19 · පි. 375

فَيَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ202

එහෙයින් ඔවුන් නොහඟමින් සිටියදී ක්ෂණික ව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.
26:203ජුස් 19 · පි. 375

فَيَقُولُوا هَلْ نَحْنُ مُنْظَرُونَ203

එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ?යි අසති.
26:204ජුස් 19 · පි. 375

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ204

එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෙහු ද?
26:205ජුස් 19 · පි. 375

أَفَرَأَيْتَ إِنْ مَتَّعْنَاهُمْ سِنِينَ205

ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා
26:206ජුස් 19 · පි. 375

ثُمَّ جَاءَهُمْ مَا كَانُوا يُوعَدُونَ206

පසු ව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටී දෑ ඔවුන් වෙත පැමිණි විට
26:207ජුස් 19 · පි. 376

مَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يُمَتَّعُونَ207

ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවනු ඇත.
26:208ජුස් 19 · පි. 376

وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا لَهَا مُنْذِرُونَ208

තවද කිසිදු ගම්මානයක් එහි අනතුරු අඟවන්නන්ගෙන් තොර ව අපි විනාශ නොකළෙමු.
26:209ජුස් 19 · පි. 376

ذِكْرَىٰ وَمَا كُنَّا ظَالِمِينَ209

(මෙය අල්ලාහ්ගේ දඬුවම ගැන) මෙනෙහි කිරීමකි. තවද අපි අපරාධකරුවන් නොවූයෙමු.
26:210ජුස් 19 · පි. 376

وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ210

තවද ෂෙයිතානුන් එය පහළ නොකළහ.
26:211ජුස් 19 · පි. 376

وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ211

තවද ඔවුනට එය අවශ්‍ය (කාර්යයක්) නොවීය. තවද ඔවුහු එයට ශක්තිය නොදරති.
26:212ජුස් 19 · පි. 376

إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ212

නියත වශයෙන්ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවන් වෙති.
26:213ජුස් 19 · පි. 376

فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ213

එහෙයින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතුරින් කෙනෙකු වන්නෙහිය.
26:214ජුස් 19 · පි. 376

وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ214

තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.
26:215ජුස් 19 · පි. 376

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ215

තවද දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් අතුරින් නුඹ ව අනුගමනය කළවුන් හට නුඹගේ පියාපත් පහත් කරනු.
26:216ජුස් 19 · පි. 376

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِمَّا تَعْمَلُونَ216

නමුත් ඔවුහු නුඹට පිටුපෑවෙහු නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.
26:217ජුස් 19 · පි. 376

وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ217

තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.
26:218ජුස් 19 · පි. 376

الَّذِي يَرَاكَ حِينَ تَقُومُ218

ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට ද
26:219ජුස් 19 · පි. 376

وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ219

සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද ඔහු දකින්නාය.
26:220ජුස් 19 · පි. 376

إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ220

නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.
26:221ජුස් 19 · පි. 376

هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَنْ تَنَزَّلُ الشَّيَاطِينُ221

ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැයි මම නුඹලාට දන්වන්න ද?
26:222ජුස් 19 · පි. 376

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ222

පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙතම ඔහු පහළ වෙයි.
26:223ජුස් 19 · පි. 376

يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ223

සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහුය.
26:224ජුස් 19 · පි. 376

وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الْغَاوُونَ224

තවද කවිවරුන් වන ඔවුන් ව නොමග ගියවුන් අනුගමනය කරති.
26:225ජුස් 19 · පි. 376

أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ225

නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නොදුටුවෙහි ද?
26:226ජුස් 19 · පි. 376

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ226

තවද නියත වශයෙන්ම ඔවුහු තමන් සිදු නොකරන දෑ පවසති.
26:227ජුස් 19 · පි. 376

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانْتَصَرُوا مِنْ بَعْدِ مَا ظُلِمُوا ۗ وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ227

නමුත් විශ්වාස කර යහකම් කර අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු උදව් කරනු ලැබූවන් හැර. තමන් කවර තැනකට යොමු කරනු ලබන්නේ දැයි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න