සූරා 26 · ජුස් 19
Ash-Shu'ara · 26:8
إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ.
තෆ්සීර්
විවිධ වර්ගයෙන් යුත් පැළෑටි මහ පොළොවේ හට ගැන්වීමෙහි ඒවා හට ගන්වන්නාහට, මිය ගිය අය යළි බිහි කිරීමේ බලය ඇති බව පැහැදිලි ව පෙන්වා දෙන සාධකයක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස නොකරන්නන් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න