සූරා 26 · ජුස් 19

Ash-Shu'ara · 26:63

فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ ۖ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ

ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.

තෆ්සීර්

එවිට තම සැරයටියෙන් මුහුදට ගසන මෙන් නියෝග කරමින් අපි මූසාට දිව්ය පණිවිඩ එව්වෙමු. ඔහු එමගින් එයට ගැසුවේය. මුහුද දෙබෑ විය. ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්ර ප්රමාණයට මාර්ග දොළොසක් බවට එය පරිවර්තනය විය. මුහුදෙන් දෙබෑ වූ සෑම පැත්තක්ම විශාලත්වයෙන් දැවැන්ත කඳු මෙන් විය. ඒවා එයින් ජලය ගලා නොයන පරිදි ස්ථීර ව පැවතිණ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න